භාරතීය සංගීතයේ ස්වභාවය...
භාරතීය සංගීතය උත්තර භාරතීය සංගීතය හා දක්ෂිණ භාරතීය සංගීතය ලෙස බෙදේ.කෙසේ බෙදුන ද පද්ධති දෙකෙහිම සංගීතමය ලක්ෂණ වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකිය.ඒකල දක්ෂතා ඉදිරිපත් කිරීමට ප්‍රධාන තැනක් ලැබෙනවා සේම මේ තුළ පුද්ගල දක්ෂතා,ශිල්පීය දක්ෂතා ආදිය ප්‍රදර්ශනය කිරීමට ඉඩ හසර නොමදව හිමි වේ.මේ තුළ එකිනෙකට වෙනස් ගායන ශෛලීන් ගණනාවකි.නිදසුන් ලෙස,
* ධ්‍රපද්
* ධමාර්
* තරානා
* ඛයාල්
ආදිය දැක්විය හැකිය.මෙම ගායනා තුළ මීන්ඩ්,ගමක්,ඛන්,මූර්කි ආදී වූ ශිල්ප ක්‍රම භාවිත වේ.ඒ තුළ කර්ණ රසායන බව තීව්‍ර වේ.එසේම විවිධ වූ තාල පද්ධතියක් ද හඳුනාගත හැකිය.
උතුරු හා දකුණු සංගීත පද්ධතීන් දෙකෙහි සමානතා....
01. පද්ධති දෙකම ඇදහිල්ල මුල්කොට බිහි වී ඇත.
02. පද්ධති දෙකෙහිම ශුද්ධ හා විකෘති ස්වර භාවිත වේ.
03. මන්ද්‍ර,මධ්‍ය,තාර (උච්ච) යන සප්තකත්‍රය පද්ධති දෙකෙහිම භාවිත වේ.
04. පද්ධති දෙකෙහිම මේල,රාග සිද්ධාන්ත පිළිගනී.
05. පද්ධති දෙකෙහිම ගීතාංග භාවිත වේ.
06. පද්ධති දෙකෙහිම ආලාප,තාන ප්‍රයෝග කෙරේ.
07. පද්ධති දෙකෙහිම ස්වර වාද්‍ය හා තාල වාද්‍ය භාවිත වේ.
08. පද්ධති දෙකම ගායන වාදනයේ දී මූල ශුතියක් භාවිත කෙරේ.
මීට අමතරව පද්ධති දෙකෙහිම අසමානතා ද ඇත.
Comments
Post a Comment