සංගීතය යනු...
සංගීතය වූ කලී විශ්ව භාෂාවක් යැයි අර්ථ ගැන්වීම සාවද්‍ය නොවේ.මන්ද, එය ඕනෑම සමාජයක පවතින්නා වූ අපූරු නිමැවුමකි.නමුත් එය විශ්ව භාෂාවක් නොවේ.මන්ද විශ්ව භාෂාවක් වීමට නම් සෑම කෙනෙකුටම එකම ලෙස එය දැනිය යුතු ය.නමුත් එය එසේ නොවේ.සංගීතයේ භාෂාව ස්වර වන බැවින් එලෙස එක ආකාරයට නොදැනේ.ස්වරයකට නිශ්චිත අර්ථයක් දිය නොහැක.සංගීතවේදියා නාදය සංකලනය කරන ආකාරය අනුව එහි හැඩය වෙනස් වේ.සංගීතය නම් වචනය නිර්මාණය වනුයේ "ගීත" යන වචනයට "සං" යන උපසර්ගය එක්වීමෙනි.මෙහි අරුත මනා වූ ගායනය යන්නයි.එසේත් නැතහොත් සාමූහික ගායනය ද සංගීතය වශයෙන් සැලකිය හැකිය.
කෙසේ හෝ වේවා සංගීතය යන්න විවිධාකාර අයුරින් ඈත අතීතයේ පටන් අර්ථ ගැන්වී ඇත.එහිදී සාරංගදේව නම් විද්වතාගේ නියමයට අනුව,
" ගීතං වාද්‍යං තථා නෘත්‍යං -ත්‍රයං සංගීත මූර්චතේ"
වශයෙන් සංගීත රත්නාකරය නම් ග්‍රන්තය තුළ දක්වා ඇත.එහි අරුත වනුයේ, ගායනය,වාදනය,නර්තනය යන අංගත්‍රයේ මනා වූ සංකලනය සංගීතය වනවා යන අරුතය.කෙසේ හෝ මීට අමතරව බොහෝ භාරතීය විචාරකයෝ සංගීතය යන්න අර්ථ ගන්වා ඇත.
ඒ කෙසේ වෙතත් අපරදිග සංගීතය තුළ සංගීතය වශයෙන් සලකන්නේ ගායනය හා වාදනය පමණක් බවත් නර්තනය වෙනමම කලාවක් වශයෙන් පිළිගන්නා බවත් අප පිළිගත යුතු සත්‍යයකි.
සංගීතය පිළිබදව ඇති නිර්වචන....
* Music is the Art of combining sounds.
(නාදවල එක්වීම සංගීතය වේ.)
* සංගීතය වූ කල්හී සෞන්දර්‍යාත්මක ආකෘති ඔස්සේ භාව ප්‍රකාශන සළකමින් නාද සංයෝජනය කිරීමේ කලාව වන්නේ ය.
--- W.D.අමරදේව ---
* Sound arrenged in plesant patterns and tunes producted by singing and playing Instruments.
---Oxford Dictionary---
කෙසේ වෙතත් මනා වූ සංගීතය මිනිසාගේ ආත්මයට අමතන්නා වූ භාෂාව වේ.මිනිස් හදවතේ ඇති ඉතා උත්තුංග භාවයන් ප්‍රබෝධ කරවීමට සංගීතය ඉවහල් වේ.
ලොව පුරා විසිරී සිටින විවිධ ජන සමූහයන් අතර විවිධ සංගීත සම්ප්‍රදායන් භාවිත වේ.එකී සම්ප්‍රදායන්ගේ අනන්‍ය ලක්ෂණ සදහා මිනිසාගේ සමාජීය සංස්කෘතිය බලපාන නමුත් ලොව කිනම් සංගීතයක් වුවද මිනිසාගේ මනස සුවපත් කරන්නා වූ ඖෂධයක් ලෙස හැදින්වීම යුක්ති සහගත වේ.
Wow super
ReplyDeleteWow super
ReplyDeleteGood job😍
ReplyDeletePost more
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්.. thank u soo much..❤️
ReplyDeletegreat👍
ReplyDeleteGood work❤️
ReplyDeleteWow super
ReplyDeleteGood work
වටිනා ලිපියක්
ReplyDeleteWow super
ReplyDeleteGood work
Thank u
ReplyDeleteWow super it,is good work
ReplyDeleteWow super it is good work
ReplyDeleteIt's amazing,best work,good luck
ReplyDeleteසංගීතය හදාරන අයට ගොඩක් වැදගත් ලිපියක්..
ReplyDeleteWow..great 👌
ReplyDeleteමරැ.මරැ.👍
ReplyDeleteNiyamaii..thwa lyanna❤️👌 ..good luck..
ReplyDelete❤️❤️👌
ReplyDelete👍👍
ReplyDeleteNice ❤️
ReplyDeleteGodak watina wistharayak👍
ReplyDeleteවැදගත් ලිපියක් 👍
ReplyDeleteIt is beautiful akke...❤️
ReplyDeleteVery important
ReplyDeleteNice ❤❤❤❤
ReplyDeleteSuperb ❤️❤️
ReplyDeleteIt's very important darling
ReplyDeleteGreat work💖💖💖
ReplyDeleteExcellent 👌
ReplyDeleteThank you ❤️
ReplyDelete👍
ReplyDelete