රාගයක ගායන සමය සංකල්පය...

               ගායන සමය යනු ගැයීමට උචිත කාලයයි.දිනයක කිසියම් රාගයක් ගැයීමට නියමිතව ඇති කාල පරාසය ගායන සමය තුළින් විග්‍රහ කෙරේ. මෙම සිද්ධාන්තයට අනුව රාග ගායන සමය පිළිබඳ කාල විග්‍රහයක් ඇත.එනම් දවසේ පැය 24 කොටස් දෙකකට බෙදා මධ්‍යහන 12 සිට රාත්‍රී 12 දක්වා එක් කොටසක් එනම් (ප්‍රථම භාගය) ලෙසත්, රාත්‍රී 12 සිට මධ්‍යහන 12 දක්වා දෙවන කොටස (උත්තර භාගය) ලෙසට ද බෙදා ගනී.

                  භාත්ඛණ්ඩේ පඬිතුමා විසින් මෙකී සියලු රාගයන් මෙම ගායන සමය සිද්ධාන්තයට අනුව වර්ග දෙකකට බෙදා ඇත.එනම්,

  1. පූර්වාංගවාදී රාග

  2. උත්තරාංගවාදී රාග

වශයෙනි.පූර්වාංගවාදී රාග සප්තකයේ පූර්ව භාගයේ එනම් එහි ප්‍රථම ස්වර 4 අතරේ විග්‍රහ කර ඇත.එනම් ස,රි,ග,ම යන සප්තකයේ පෙර ඇති ස්වර 4 ය. කිසියම් රාගයක වාදී ස්වරය පූර්වාංග ස්වරවලට අයත් වේ නම් ඒවා පූර්වාංගවාදී රාග ලෙස හදුන්වනු ලැබීය. දේශ්,තිලක්කාමෝද් වැනි රාග මේ සඳහා නිදසුන් වේ.

        උත්තරාංගවාදී රාග සප්තකයේ අපර ස්වර 4 හෙවත් ප,ධ,නි,ස යන ස්වර අතර විස්තර කර ඇත.එනම් කිසියම් රාගයක වාදී ස්වරය ඉහත දැක්වූ ස්වර අතර වේ නම් එය උත්තරාංගවාදී රාගයකි.ආශාවරී,ජෞනපුරී වැනි රාග උත්තරාංගවාදී රාගයන්ට නිදසුන් වේ. 

          මෙකී ගායන සමය පිළිබඳ විග්‍රහයට අමතරව තවත් සංකල්පයක් ඇත.එනම් දවසේ පැය 24 පැය තුනේ කොටස්වලට බෙදා දිවා කාලය ප්‍රහර 4කට ද රාත්‍රී කාලය ප්‍රහර 4කටද වෙන්කොට මෙකී ගායන සමය සංකල්පය සකස් කරගෙන ඇත.එය රූප සටහනකින් දැක්වුවහොත්,



  දැක්විය  හැකිය .
            කෙසේ හෝ වේවා මෙය හිරු නැගීම හා බැසීම මූලික කරගෙන සන්ධි ප්‍රකාශ රාග ගායන සමයක් ද භාවිතයේ පවතී.පෙ.ව.4 සිට පෙ.ව.7 දක්වා කාලය අලුයම හෙවත් (උදය සන්ධිය) ලෙස ද, සවස 4 සිට රාත්‍රී 7 දක්වා කාලය (සවස සන්ධිය) ලෙසත් රාග වර්ගීකරණය කෙරේ.මෙම රාගයන්ගේ ගායන සමය තීරණය කිරීම සඳහා "ම" ස්වරය (මධ්‍යමය) ප්‍රධාන වශයෙන් බලපානු ලැබේ.එනම්,
කෝමළ රි, කෝමළ ධ සමඟ ශුද්ධ (ම) යෙදේ නම් එවැනි රාග උදය සන්ධියේ ගැයීමට සුදුසු ය.එසේත් නැතිනම්, 
කෝමළ රි, කෝමළ ධ සමඟ තීව්‍ර (ම') යෙදේ නම් එවැනි රාග සවස සන්ධියේ ගායනා කිරීමට සුදුසු වේ.
              කෙසේ හෝ වේවා මෙකී සන්ධි ප්‍රකාශිත රාගයන්ට නිදසුන් ලෙස භෛරව,කාලිංගඩා වැනි රාග රිෂභය හා ධෛවතය කෝමළව යෙදී ශුද්ධ මධ්‍යමය යෙදෙන බැවින් උදය සන්ධි ප්‍රකාශිත රාග ලෙස දැක්විය හැකිය. එසේම පූර්වි,මාර්වා,පූර්‍යා ධනාශ්‍රී වැනි රාගවල රිශභය හා ධෛවතය කෝමළව යෙදී මධ්‍යමය තීව්‍ර ලෙස යෙදීම තුළ සන්ධ්‍යා සන්ධි ප්‍රකාශිත රාග ලෙස හදුනාගත හැකි ය.
        මෙලෙස රාගධාරී සංගීතයේ මධ්‍යමය එනම් "ම" ස්වරය ගායන සමය තීරණය කිරීම සඳහා බලපාන බැවින් එම ස්වරය සමය දර්ශක ස්වරය,අද්ව දර්ශක ස්වරය ලෙස හදුන්වනු ලැබේ.
        මේ ආකාරයට රාගධාරී සංගීතයේ රාගයක ගායන සමය තීරණය වන ආකාරය හා එය තීරණය කිරීමේ දී වැදගත් වන කරුණු හදුනාගත හැකි ය.






Comments

Popular posts from this blog

සංගීතය යනු...

උත්තර හා දක්ෂිණ සංගීත පද්ධතීන්ගේ අසමානතා...