උත්තර හා දක්ෂිණ සංගීත පද්ධතීන්ගේ අසමානතා...

 01. උත්තර පද්ධතිය ශුද්ධ,කෝමළ,තීව්‍ර ස්වර            ස්ථාන දොළොසක් භාවිත කරයි.දක්ෂිණ              පද්ධතියෙහි ශුද්ධ ස්වර,කෝමළ,ශුතිගත            ස්වර දොළොස උත්තර පද්ධතියට වඩා                  වෙනස් ය.

02.උත්තර පද්ධතියෙහි ස්වර නාමයන්ට වඩා          දක්ෂිණ පද්ධතියෙහි නාමයන් වෙනස් ය..

උත්තර පද්ධතිය             දක්ෂිණ පද්ධතිය

                       ස                                              ස

   කෝමළ     රි                        ශුද්ඪ්්ධ      රිි    

ශුද්ධ              රි                       චතුඞශුති   රි

කෝමළ        

ශුද්ධ            ග                        ෂඩ් ශුති      රි

තීව්‍ර               ම'                       අන්තර        ග

ශුද්ධ            ම                        කෝමළ      ම

                       ප                      ප්‍රති              ම

කෝමළ                                                   ප්

ශුද්ධ             ධ                      ශුද්ධ           ධ

කෝමළ        නි                     

ශුද්ධ             නි                     චතුඞශුති   ධ

                                               ෂඩ් ශුති       ධ

                                               කාකලි         නි

03. උතුරු පද්ධතියේ දස මේලයකින් රාග                   උපදී.දක්ෂිණයේ මේල 72 රග උපදී.

04. පද්ධති දෙකෙහිම මේල නාමයන් වෙනස්            වේ.

*බිලාවල් - ධීර ශංකරා භරණම් (29 මේලය)

*යමන් - මේඝ කළ්‍යාණ  (65 මේලය)

*ඛමාජ් - හරි කාම්බෝජ (28)

*කාෆි - ඛර හර ප්‍රිය (22)

*භෛරව - මායා මාලවගෞල(15)

*භෛරවී - හනුමන් තෝඩි(8)

*පූර්වි - කාමවර්ධනී(51)

*ආශාවරී - නට භෛරව(20)

*මාර්වා - ගමන ශ්‍රියා (53)

*තෝඩි - ශුභපන්තුරාවලී (45 මේලය)

05. උත්තරයේ ශුද්ධ ස්වර වලින් තැනුනු                    මේලය බිලාවල්‍ ය.දක්ෂිණයේ එය                        මායා මාලාවගෞල ය.එය උත්තර                          පද්ධතියේ කෝමළ රි, සහිත භෛරව                මේලයට සමානය.

06. උත්තරයේදී රාග ගායනයේදී අනෙක් සමාන         රාගයක් මිශ්‍ර කර ගත හැකි වුව ද                           කර්ණාටකයේ වෙනත් රාගයක චායාවක්             වත් ලැබිය නොහැක.

07. උත්තර පද්ධතියේ ආලාප ගායනවන්ට වඩා         දක්ෂිණයේ ආලාප ගායන ගැඹුරු ය.

08. දකුණේ ස්වර උච්චාරණ රීතියට වඩා උතුරේ   ස්වර උච්චාරණ රීතිය වෙනස් ය.

09. දකුණේ ගීතාංග නාම උතුරේ ගීතාංගයන්ට         වඩා වෙනස් වේ.

දකුණේ ගීතාංග                  උතුරේ ගීතාංග

* පල්ලවි                                  *ස්ථායි

* අනුපල්ලවි                           * අන්තරා

* ශරණම්                                *සංචාරී

10. හින්දුස්ථානයේ රාගය වෙනුවෙන් තාලය භාවිත වේ.කර්ණාටකයේ තාලය ප්‍රමුඛ කොට රාගය ගායනා කෙරේ.

11. උතුරේ තාල භාවිතය සංකීර්ණ නොවේ.               දකුණේ තාල පද්ධතිය සංකීර්ණ ය.                       උතුරේ තාල 35ක් පමණ වෙතත් දකුණේ             තාල 175 පමණ භාවිත වේ.

12. උත්තර තාල පද්ධතියේ ඛලි ග්‍රහ ස්ථාන ප්‍රයෝග කෙරේ.දකුණේ ඛලි ග්‍රහ ස්ථාන නොමැති තාල ද ඇත.

13. උතුරේ හා දකුණේ ගීත රචනාවන් හී භාෂා           වෙනස් වේ.උතුරේ හින්දි,වංග භාෂා වගේම       දකුණේ ද්‍රවිඩ,මලයාලි,තෙළිඟු භාෂා භාවිත          වේ.

14. පද්ධති දෙකෙහිම ගායනා ශෛලීන් වෙනස් වේ.උතුරේ ධ්‍රපද්, ධමාර්, බඩා ඛයාල්,චොටා ඛ්‍යාල්,තරාණා, සර්ගම්, ගසල්, කවාලි, භජන් ආදිය භාවිත වේ. දක්ෂිණයේ පදම්, ජවාලි, රාග මාලිකෛ, පද වර්ණම්, තාන වර්ණම්, තිර්ලානා, ආදිය භාවිත වේ.

15. උතුරේ තාල වාදනය සඳහා තබ්ලාවද දකුණේ මෘදංගය ද භාවිත වේ.

මේ ආකාරයට උත්තර පද්ධතියේ හා දක්ෂිණ පද්ධතියෙහි පැහැදිලි වෙනස්කම් හඳුනාගත හැකි ය.















































Comments

Post a Comment

Popular posts from this blog

සංගීතය යනු...

රාගයක ගායන සමය සංකල්පය...