රාගධාරී සංගීතයේ ශිල්ප ක්‍රම...
මීන්ඩ්
එක් ස්වරයක සිට තවත් ස්වරයක් දක්වා හඬ නොකඩවා පවත්වා ගනිමින් හඬ පාලනය කර කරනු ලබන ගායනය හෝ වාදනය 'මීන්ඩ්' වශයෙන් හදුන්වනු ලැබේ.මෙහිදී ස්වරයක සිට තවත් ස්වරයක් දක්වා හඬ නොබිඳී ගායනය වාදනය කෙරේ.රාගවලදී එහි ආරෝහණ,අවරෝහණවලට ගැලපෙන පරිදි මීන්ඩ් යොදා ගනී.නිදසුන් ලෙස,
තිලක්කාමෝද් රාගයෙහි ස^ප
භාගේශ්‍රී රාගයේ ධ^ම
ආදී ලෙස දැක්විය හැකිය.කෙසේ හෝ වාදන භාණ්ඩයන්ගෙන් එනම්, (සරෝද්,සාරංගි,වයලීන්) වැනි භාණ්ඩයන්ගෙන් කෙරෙන මීන්ඩ් වාදනය "සුත්" නමින් හැදින් වේ.
ගමක්
ස්වර විචිත්‍ර කරන,අලංකාර කරන සෑම ක්‍රමයකට වගේම සාමාන්‍යයෙන් ගමක යැයි කියනු ලැබේ.හින්දුස්තථානී සංගීතය තුළ ස්වර කම්පනය කළ යුත්තේ වෙනත් ස්වරයන්ගේ ආධාරයෙනි.එහිදී ස්වර චලනය කිරීම ගමක් ලෙස හැදින්වේ.පැරණි ග්‍රන්තවල ගමක 15ක් ගැන සඳහන් වේ.නිදසුනක් ලෙස,
මමරිස,පපමමරිස,
ඛන්
රාගයන්ගේ රස නිශ්පත්තිය සඳහා ඇතැම් ස්වර තවත් ස්වරයක් අල්ප ස්පර්ශයක් ඇතිව භාවිත කෙරේ.මෙය ඛන් ලෙස හැදින්වේ.ගායනය,වාදනය යන අංශ දෙකේදීම මෙය භාවිත වේ.මෙහිදී යම් ස්වරයකට පළමුව ලැබෙන ස්වරය හෝ පසුව ලැබෙන ස්වරය ඛන් ස්වරය වශයෙන් යොදා ගැනේ.නමුත් ස්වර කීපයකට ඈතින් පිහිටි ස්වර වුව ද ස්පර්ශ කළ හැකි ය.මෙය ලියා දැක්වීමේදී ප්‍රධාන ස්වරයට වම් පසින් කුඩාවට ස්පර්ශ කරන ස්වරය ලියා දැක්විය යුතු ය.නිදසුන් ලෙස,
ම ධ ග රි
ප , ස, රි , ග
දැක්විය හැකිය.
උපජ්
රාගයක් ඉදිරිපත් කිරීමේදී කරනු ලබන නිර්මාණාත්මක ලෙස ක්ෂණිකව ගොඩනගා ගන්නා නාද විග්‍රහ 'උපජ්' ලෙස අර්ථකථනය කළ හැකි ය. එනම් කිසියම් ඛයාල් හෝ ගත් වාදනයක මුඛඩා කොටස විවිධ ආකාරයෙන් විවිධ නාද මාලාවන්ට හෝ විවිධ ලය කාරීත්වයකින් ඉදිරිපත් කිරීම මෙයට නිදසුනකි.
මූර්කි
කිසියම් ස්වරයක් එහි දෙපස ඇති ස්වර ඇසුරු කොටගනිමින් චලනය කර ගැයීම මූර්කි වේ.කෙසේ හෝ මූර්කි ස්වර ලෙස යොදා ගනුයේ ස,ම,ප යන ස්වරයන් ය.මෙහිදී මූර්කි වන ස්වරය මැදි කොට දෙපස ස්වර චලනය වේ.මෙය ලියා දැක්වීමේ දී මූර්කි ස්වරය වරහන් තුළ යෙදේ.නිදසුන් ලෙස,
* (ස)
* සසරි(ස)
* ම-මමප(ම)ගම
* ප-පපධ(ප)මප
මුඛඩා
ගීතයක හෝ වාදිතයක ආරම්භයේ සිට සමස්ථානයට ප්‍රවිශ්ඨ වන තෙක් ගැයෙන කොටස මුඛඩා වේ.
තිහායි
මුඛඩාව හෝ නිශ්චිත ස්වර කොටසක් තෙවරක් ගායනය හෝ වාදනය කර දක්වමින් සමස්ථානයට පැමිණීම මේ නමින් හැදින්වේ.
Comments
Post a Comment