ගීතයක ළය

 යම් ගීතයක් ගායනා කිරීමේදී අප එය විවිධ තාලයන්ට අනුව ගායනා කෙරේ.එහිදී ගීත ගායනා කරන වේගය එම ගීතයේ ළය ලෙස හැදින්වේ.යම් ගායනාවක කාලය මනිනුයේ තාලය නම් ඒකකයෙනි.තාලය ගමන් කරන වේගය ළය වශයෙන්ද හදුනාගත හැකිය.මෙම වේගය තුන් ආකාරයකින් සංගීතය තුළ හදුනාගත හැකිය.එනම්,

  1.විලම්භ ළය

  2. මධ්‍ය ළය

  3. දෘත ළය 

මෙහිදී  විලම්භ ළය යනු අඩුම වේගයකින් ගායනා කිරීම යන්නය.මධ්‍ය ළය දෙගුනයකින් අඩු වූ විට මෙකී ළය සෑදේ.මේ සඳහා නිදසුන් ලෙස වැලපුම් ගී,නැලවිලි ගී,නෙලුම් ගී ආදිය දැක්විය හැකිය.

      මධ්‍ය ළය යනු සාමාන්‍ය වේගයකින් යන්නය.එය අපගේ හදවතේ ගැස්මට සමාන වේ.මේ සදහා නිදසුන් ලෙස, ගොයම් ගී,නූර්ති ආදී සාමාන්‍ය ගීත අදාල වේ.

   දෘත ළය යනු වැඩිම වේගයකින් යන්නය.මධ්‍ය ළය දෙගුනයකින් වැඩි වූ විට මෙය වේ.මේ සදහා නිදසුන් ලෙස කමත් ගී,ටීකා සීපද ආදිය දැක්විය හැකිය.

         කෙසේ හෝ වේවා මෙම ළය යන්න බටහිර සංගීතය තුළ Tempo (ටෙම්පො) ලෙස හදුන්වනු ලැබේ.

 




Comments

Post a Comment

Popular posts from this blog

සංගීතය යනු...

උත්තර හා දක්ෂිණ සංගීත පද්ධතීන්ගේ අසමානතා...

රාගයක ගායන සමය සංකල්පය...