සංගීතයේ මාධ්‍ය හා භාෂාව...

    සංගීතයේ මාධ්‍ය

සංගීතයේ මාධ්‍ය වනුයේ නාදයයි.එනම් හඬය.කෙසේ හෝ මෙම නාද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.

1.මිහිරි නාද

2.අමිහිරි නාද

මෙහිදී මිහිරි නාද ශබ්ද ලෙසත්,අමිහිරි නාද ඝෝෂා ලෙසත් හදුන්වයි.මිහිරි නාද සදහා නිදසුන් ලෙස, *කුරුලු හඬ

                          *සංගීත භාණ්ඩ හඬ

ආදියත්, අමිහිරි නාද ලෙස * වාහන නලා හඬ                                                     *ගස් කපන           මැෂිමක  හඬ

ආදිය දැක්විය හැකිය.කෙසේ හෝ සංගීත නිර්මාණ සදහා බොහෝ ලෙස යොදාගනුයේ මිහිරි නාද ය.ඝෝෂාකාරී හඬවල් සංගීත නිර්මාණ සදහා යොදා නොගන්නවා යැයි පැවසිය නොහැකිය.මන්ද සමහර අවස්ථාවලදී මෙම ඝෝෂාකාරී හඬ ප්‍රතිනිර්මාණය කර නිශ්චිත  නාදමාලාවකට ගෙන සංගීත නිර්මාණයන් සදහා යොදා ගැනේ.නිදසුනක් ලෙස, ළමා ගීතයක් වන 'උදෑසනම් පොඩි අපි දුව එනවා' නම් ගීතයේ වාහන නලා හඬ මේ ආකාරයට යොදාගෙන ඇති අයුරු දැක්විය හැකිය.

සංගීතයේ භාෂාව

සංගීතයේ භාෂාව වනුයේ ස්වර ය.සංගීතය තුළ ස්වර 12කි.මෙය නැවත ශුද්ධ ස්වර,විකෘති ස්වර ලෙස කොටස් දෙකකි.

       මෙහිදී ශුද්ධ ස්වර ප්‍රකෘති ස්වර ලෙසද හැදින්වේ.මෙම ස්වර දොළහෙන් ස්වර 7ක් මෙම ගණයට අයත් වේ.එම ස්වර 7ද නැවත චල ස්වර හා අචල ස්වර ලෙස හැදින්විය හැකිය.එහිදී චල ස්වර ලෙස , (කෝමළ රි,ග,ධ,නි සහ තීව්‍ර ම´ )අයත් වේ.මේවා විකෘති ස්වර ලෙසද හැදින්වේ.එසේම  චල ස්වර ලෙස, (ස,ප) ස්වර දැක්විය හැකිය.

කෝමළ ස්වර යනු ශුද්ධ ස්වරයේ සංඛයාතයට වඩා හඬ අඩක් අඩු ස්වර වන අතර තීව්‍ර ස්වර යනු ශුද්ධ ස්වරයට වඩා හඬ අඩක් වැඩි ස්වරයයි.

ස්වර සප්තකය

මෙම ස්වර සප්තකය ස,රි,ග,ම,ප,ධ,නි වේ.මෙම ස්වර සප්තකය ඒවායේ සංඛ්‍යාත පරාසය අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදේ.එනම්

  1.මන්ද්‍ර සප්තකය

එනම් සාමාන්‍ය හඬට වඩා හඬ පහළ එනම් සංඛ්‍යාතය අඩුව ගැයෙන සප්තකයයි.මෙම ස්වර ලිවීමේ දී ස්වරයට යටින් තිතක් තබයි.

  2.මධ්‍ය සප්තකය

සාමාන්‍ය හඬය.එය ලිවීමේදී ස්වරය ඒ ආකාරයෙන්ම ලියනු ලැබේ.

  3.උච්ච සප්තකය

සාමාන්‍ය හඬට වඩා හඬ ඉහළ ය.මෙය ලිවීමේ දී ස්වරයට ඉහළින් තිතක් තියනු ලැබේ.














Comments

Post a Comment

Popular posts from this blog

සංගීතය යනු...

උත්තර හා දක්ෂිණ සංගීත පද්ධතීන්ගේ අසමානතා...

රාගයක ගායන සමය සංකල්පය...