රාගයක ගායන සමය සංකල්පය...

ගායන සමය යනු ගැයීමට උචිත කාලයයි. දිනයක කිසියම් රාගයක් ගැයීමට නියමිතව ඇති කාල පරාසය ගායන සමය තුළින් විග්‍රහ කෙරේ. මෙම සිද්ධාන්තයට අනුව රාග ගායන සමය පිළිබඳ කාල විග්‍රහයක් ඇත.එනම් දවසේ පැය 24 කොටස් දෙකකට බෙදා මධ්‍යහන 12 සිට රාත්‍රී 12 දක්වා එක් කොටසක් එනම් (ප්‍රථම භාගය) ලෙසත්, රාත්‍රී 12 සිට මධ්‍යහන 12 දක්වා දෙවන කොටස (උත්තර භාගය) ලෙසට ද බෙදා ගනී. භාත්ඛණ්ඩේ පඬිතුමා විසින් මෙකී සියලු රාගයන් මෙම ගායන සමය සිද්ධාන්තයට අනුව වර්ග දෙකකට බෙදා ඇත.එනම්, 1. පූර්වාංගවාදී රාග 2. උත්තරාංගවාදී රාග වශයෙනි.පූර්වාංගවාදී රාග සප්තකයේ පූර්ව භාගයේ එනම් එහි ප්‍රථම ස්වර 4 අතරේ විග්‍රහ කර ඇත.එනම් ස,රි,ග,ම යන සප්තකයේ පෙර ඇති ස්වර 4 ය. කිසියම් රාගයක වාදී ස්වරය පූර්වාංග ස්වරවලට අයත් වේ නම් ඒවා පූර්වාංගවාදී රාග ලෙස හදුන්වනු ලැබීය. දේශ්,තිලක්කාමෝද් වැනි රාග මේ සඳහා නිදසුන් වේ. උත්තරාංගවාදී රාග සප්තකයේ අපර ස්වර 4 හෙවත් ප,ධ,නි,ස යන ස්වර අතර විස්තර කර ඇත.එනම් කිසිය...